General03 December 2013

ශ්‍රී ලංකා මුහුදේ තෙල් බිම් තීරුවලට ඉහළ ඉල්ලූමක්.

මන්නාරම් බොක්කේ සහ කාවේරි බොක්කේ නව තෙල් බිම් තීරු වෙන්දේසිය සඳහා ඉහල ඉල්ලූමක් හිමි වී ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් සාලිය වික්‍රමසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ප්‍රධාන පෙළේ ඉන්දීය සමාගම් රැසක් ඒ සඳහා ඉල්ලූම් කර ඇති බවයි. ඊට අමතරව කැනඩාවේ තෙල් නිෂ්පාදන සමාගමක් වන බොනාවිස්ටා බලශක්ති සංස්ථාව ද ඒ සඳහා ඉල්ලූම් කර ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සාලිය වික්‍රමසූරිය සඳහන් කළා. මන්නාරම් බොක්කේ නව තෙල් බිම් තීරුවකට සහ කාවේරි බොක්කේ තෙල් බිම් තීරු දෙකකට මෙලෙස ඉදිරිපත් වී ඇති ආයෝජන පිළිබද සෑහීමකට පත්විය හැකි බවයි ඔහු සඳහන් කළේ.
 
මන්නාරම්බොක්කේ නව තෙල් බිම් තීරු සඳහා ඉන්දීය රජයේ  ඕ.එන්.ජී.සී. තෙල් සමාගම, එක්සොන් මොබයිල් මෙන්ම නෙදර්ලන්ත, ප්‍රංශ, ඉතාලි සමාගම් සහ චීනයේ සී.එන්.පී.සී සමාගම් අයඳුම් කර ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කළා. විශේෂයෙන් ඉන්දීය සමාගම් මෙම තෙල් බිම් තීරු ලබා ගැනීමට දැඩි උනන්දුවක් දක්වන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. නව තෙල් බිම් තීරු ලබන වසර මුලදී තෝරා ගනු ලබන ආයෝජකයන් වෙත පිරිනැමීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes