මන්නාරම් බොක්කේ සහ කාවේරි බොක්කේ නව තෙල් බිම් තීරු වෙන්දේසිය සඳහා ඉහල ඉල්ලූමක් හිමි වී ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල් සාලිය වික්‍රමසූරිය හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ප්‍රධාන පෙළේ ඉන්දීය සමාගම් රැසක් ඒ සඳහා ඉල්ලූම් කර ඇති බවයි. ඊට අමතරව කැනඩාවේ තෙල් නිෂ්පාදන සමාගමක් වන බොනාවිස්ටා බලශක්ති සංස්ථාව ද ඒ සඳහා ඉල්ලූම් කර ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් සාලිය වික්‍රමසූරිය සඳහන් කළා. මන්නාරම් බොක්කේ නව තෙල් බිම් තීරුවකට සහ කාවේරි බොක්කේ තෙල් බිම් තීරු දෙකකට මෙලෙස ඉදිරිපත් වී ඇති ආයෝජන පිළිබද සෑහීමකට පත්විය හැකි බවයි ඔහු සඳහන් කළේ.
මන්නාරම්බොක්කේ නව තෙල් බිම් තීරු සඳහා ඉන්දීය රජයේ ඕ.එන්.ජී.සී. තෙල් සමාගම, එක්සොන් මොබයිල් මෙන්ම නෙදර්ලන්ත, ප්‍රංශ, ඉතාලි සමාගම් සහ චීනයේ සී.එන්.පී.සී සමාගම් අයඳුම් කර ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කළා. විශේෂයෙන් ඉන්දීය සමාගම් මෙම තෙල් බිම් තීරු ලබා ගැනීමට දැඩි උනන්දුවක් දක්වන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. නව තෙල් බිම් තීරු ලබන වසර මුලදී තෝරා ගනු ලබන ආයෝජකයන් වෙත පිරිනැමීමට නියමිතයි.

Latest News
ෂාරුක් ඛාන් ඇතුලු බොලිවුඩ් සුපිරි නළුවන් තිදෙනක්ට වෙළඳ දැන්වීම්වලින් ඉවත් වන ලෙස නියෝගයක්!
Local
17 August 2026
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 284ට සීමා වෙයි
Local
17 August 2026
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්යායපත්රයට ඇතුළත් කෙරේ
Local
17 August 2026
ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගයේදී සොනාල් දිනූෂ සිය පළමු ටෙස්ට් ශතකය රැස් කරයි
Local
17 August 2026
කුරුණෑගල - දඹුල්ල අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් මේ වසරේ ඇරඹෙයි
Local
17 August 2026
කොළඹ කොටස් වෙළඳපොළ ASPI දර්ශකය ඒකක 6.29 කින් පහළට
Local
17 August 2026
ගංජා හේනෙන් ලක්ෂ 5ක අල්ලසක් ගත් පොලිස් නිලධාරීන් සිව්දෙනාට ඇප
Local
17 August 2026
ගතවූ දිනයේදී සිදුවූ රිය අනතුරුවලින් කුඩා දරුවෙක් ඇතුළු පස්දෙනෙක් ජීවිතක්ෂයට
Local
17 August 2026
ඩෙංගු රෝගීන් 92,254 ක් දක්වා ඉහළට
Local
17 August 2026
ශ්‍රී ලංකාවේ උද්ධමනය සහ ආර්ථික වර්ධන වේගය අඩාල වන බවට මහ බැංකු අධිපති කියයි
Local
17 August 2026