බටහිර ආසියානු කලාපයේ පවතින භූ-දේශපාලනික නොසන්සුන්තා සහ ගෝලීය වෙළෙඳපොළ දර්ශකයන්හි පකිස්ථානයේ ශ්‍රේණිගත කිරීම් පහත වැටීම හේතුවෙන්, 2025-26 මූල්‍ය වසරේදී විදේශීය ආයෝජකයන් පාකිස්ථාන කොටස් වෙළෙඳපොළෙන් ඇමරිකානු ඩොලර් මිලියන 736ක ශුද්ධ ප්‍රාග්ධනයක් ඉල්ලා අස්කරගෙන ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා පවසනවා.
පාකිස්ථාන මහ බැංකුවේ දත්ත උපුටා දක්වමින් Arab News පුවත් සේවය වාර්තා කර තිබුණේ, අදාළ මූල්‍ය වසර තුළදී විදෙස් ආයෝජකයන් ඇමරිකානු ඩොලර් මිලියන 298.3ක කොටස් මිලදී ගෙන ඇති නමුත්, ඩොලර් බිලියන 1.03ක කොටස් විකුණා දමා ඇති බවයි.
මේ අනුව සමස්තයක් ලෙස ඩොලර් මිලියන 736ක මුදලක් පකිස්ථාන වෙළෙඳපොළෙන් පිටතට ගලා ගොස් තිබෙනවා.
මෙසේ මුදල් ඉල්ලා අස්කරගත් ආයෝජකයන්ගෙන් සියයට 80කට ආසන්න ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ස්වීඩනය යන රටවලට අයත් වීම සුවිශේෂීයි.
විදේශීය ආයෝජකයන් මෙලෙස සිය කොටස් විකුණා දැමීමට ප්‍රධාන හේතු දෙකක් බලපා තිබෙනවා.
ඉන් පළමුවැන්න නම් ගෝලීය දර්ශක සපයන්නන් විසින් පාකිස්ථාන ආයෝජන මට්ටම් පහත දැමීමයි.
ගෝලීය දර්ශක වර්ගීකරණයන්හි පකිස්ථානය සතු වූ ද්විතීයික නැඟී එන වෙළෙඳපොළ තත්ත්වය, 2021 වසරේදී MSCI ආයතනය විසිනුත්, 2024 වසරේදී FTSE Russell ආයතනය විසිනුත් ‘පෙරගමන් වෙළෙඳපොළක්’ දක්වා පහත හෙළනු ලැබුවා.
මේ හේතුවෙන් ජාත්‍යන්තර මට්ටමින් පාකිස්ථාන වෙළෙඳපොළට හිමි බර තැබීම අඩු වූ අතර, විදේශීය අරමුදල් කළමනාකරුවන්ට සිය ආයෝජන සමබර කරගැනීම සඳහා කොටස් විකුණා දැමීමට සිදු වුණා.
දෙවැනි කරුණ නම්, ඉරානය කේන්ද්‍ර කරගත් මැදපෙරදිග ගැටුම් හේතුවෙන් නිර්මාණය වූ අනාරක්ෂිත වටපිටාවයි.
මේ නිසා ජාත්‍යන්තර ආයෝජකයන් පකිස්ථානය වැනි අවදානම වැඩි කලාපීය වෙළෙඳපොළවල පවතින සිය ආයෝජන සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම ප්රාග්ධනය පිටතට ගලායාම සිදුවූයේ පාකිස්ථාන කොටස් හුවමාරුවේ ප්‍රධාන දර්ශකය අදාළ මූල්‍ය වසර තුළ සියයට 40ක පමණ ඉහළ වර්ධනයක් සනිටුහන් කර තිබූ පසුබිමකයි.
පාකිස්ථානයේ 2025-26 ආර්ථික සමීක්ෂණ වාර්තාවට අනුව, සාර්ව ආර්ථික දර්ශක යහපත් වීම, උද්ධමනය පහත වැටීම, වාසිදායක බාහිර ගිණුම් තත්ත්වය සහ රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ කෙරෙහි විශ්වාසය තැබීම හේතුවෙන් මුල් කාල සීමාවේදී වෙළෙඳපොළ මෙලෙස ශක්තිමත් වී තිබුණා.
කෙසේ වෙතත්, පසුගිය පෙබරවාරි මාසයේ සිට ඇෆ්ගනිස්ථානය සමඟ ඇති වූ නොසන්සුන්තා, කලාපීය භූ-දේශපාලනික අවදානම්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑම සහ විදේශීය ආයෝජකයන් දිගින් දිගටම කොටස් විකුණා දැමීම හේතුවෙන් පකිස්ථාන කොටස් වෙළෙඳපොළේ පැවති සාධනීය ගම්‍යතාව මේ වන විට දුර්වල වෙමින් පවතින බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Latest News
වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි නගර සභා උප සභාපති ධුරවලින් ඉවත් කෙරේ
Local
24 June 2026
ඉරානයේ ප්‍රකාශය අසත්‍ය නම් සාකච්ඡා වහාම අවසන් කරනවා - අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් හොර්මූස් සමුද්‍ර සන්ධිය ගැන දැඩි අනතුරු ඇඟවීමක්
Local
24 June 2026
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී වෑන් රථයක් ත්‍රීරෝද රථයක සහ ගොඩනැගිල්ලක ගැටෙයි: පස් දෙනෙකු රෝහලට!
Local
24 June 2026
වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා දඹුල්ලේදී ජනතාව උද්ඝෝෂණයක!
Local
24 June 2026
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
Local
24 June 2026
බෝබුවල මනුෂ්‍ය ඝාතනය: වසර 20 කට පසු විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම!
Local
24 June 2026
පොසොන් සතිය වෙනුවෙන් අනුරාධපුරයේ පාසල් 12 ක් අනිද්දා සිට වැසේ:
Local
24 June 2026
පලස්තීනයේ සෞඛ්‍ය පද්ධතිය බේරාගැනීමට ඉන්දියාවේ සහය පතා හදිසි ඉල්ලීමක්
Local
24 June 2026
ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 103 කින් සම්මත වෙයි
Local
24 June 2026
පක්ෂ උපදෙස් කඩ කළැයි තලවකැලේ ලිඳුල නාගරික මන්ත්‍රීවරයෙක් ධූරයෙන් ඉවතට
Local
24 June 2026