Sports19 October 2025

තුන්කොන් සටනට ඇෆ්ගනිස්ථානය වෙනුවට සිම්බාබ්වේ එයි

පාකිස්ථානයේදී පැවැත්වීමට නියමිත T20I ත්‍රිත්ව තරගාවලිය සඳහා සිම්බාබ්වේ කණ්ඩායම එක්වීමට නියමිත බව පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය පවසනවා.

ඒ එම තරගාවලියෙන් ඉවත් වූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවටයි.

තරගාවලිය නොවැම්බර් මස 17 වැනිදා සිට 29 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පින්ඩි සහ ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම ත්‍රිත්ව තරගාවලිය, ලබන වසරේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලානයට පෙර කණ්ඩායම් තුනටම සූදානමක් ලබා දීම සඳහා සැලසුම් කර ඇති බව සඳහන්.

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය නොවැම්බර් 17වන දින රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සත්කාරක පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත් වීමට නියමිතයි.

දෙවන තරගය ලෙස, නොවැම්බර් 19වන දින ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය එම ක්‍රීඩාංගණයේදී පැවැත් වීමට නියමිතව තිබෙනවා.
Related Recomands
Hiru TV News | Programmes