මහඇමති ගැන තීරණයකින් තොරව නැගෙනහිර පළාත් සභාව අද රැස්වෙයි.

Tuesday, 20 January 2015 - 7:53

%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B7%80+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය අතර ඊයේ (19) කොළඹ දී පැවැත්වුණා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ තම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් අතර මෙම සාකච්ඡාව පැවති බවයි. එම සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බව ද ඔහු ප්‍රකාශ කළා.

37 දෙනෙකුගෙන් සමන්විත නැගෙනහිර පළාත් සභාවේ බලය හිමි වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටයි. ඒ, මන්ත්‍රී ධුර 22ක් හිමි කරගෙනයි. එහි ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දැනට කටයුතු කරන්නේ අබ්දුල් මජීඞ්. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු 7 දෙනෙකු සහ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරු තුන්දෙනෙකු ද සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසට අයත්ව සිටියා. පසුගිය දා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් තුන්දෙනා පළාත් සභාවේ ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කළ අතර පසුව අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය ලබාදීමත් සමඟ ඔවුන් ද විපක්ෂයට එක්වුණා. එමෙන්ම අමාත්‍ය රවුෆ් හකීම් ජනාධිපතිවරයාට සහයෝගය ලබාදීමත් සමඟ එම මන්ත්‍රීවරුන් 7 දෙනා ද විපක්ෂයට එක්වුණා.

ඒ අනුව විපක්ෂය නියෝජනය කළ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් 11 දෙනා සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 4 දෙනාට අමතරව මන්ත්‍රීවරු 10 දෙනෙකු මේ වන විට නැගෙනහිර පළාත් සභාවේ විපක්ෂයට එක්ව සිටිනවා.

පළාත් සභාවේ බහුතර බලය විපක්ෂයට මේ වන විට හිමිවී ඇති බැවින් නව ප්‍රධාන අමාත්‍යවරයෙකු පත් කර ගැනීමටයි දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙලෙස සාකච්ඡා පවත්වන්නේ.

කෙසේ වෙතත්, පළාත් සභාව අද රැස්වීමට නියමිත බව නැගෙනහිර පළාත් සභා සභාපතිනී ආරියවතී ගලප්පත්තී හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරය ලබාදීමට සන්ධාන මන්ත්‍රීවරුන් සූදානම් බව පළාත් අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායක ඊයේ හිරු ප්‍රවෘත්ති අංශය වෙත කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories