තිළිණ මහ ඇමති කරන්නැයි කට්ටියක් ඉල්ලයි

Thursday, 12 March 2015 - 13:14

%E0%B6%AD%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AB+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මධ්‍යම පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස තිළිණ බණ්ඩාර තෙන්නකෝන් පත් කරන ලෙස ඉල්ලා පක්ෂ විපක්ෂ පළාත් සභා මන්ත්‍රිවරු 32 කු ගේ දිවුරුම් ප්‍රකාශ පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල වෙත අද පෙරවරුවේ භාරදුන්නා.  

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි මධ්‍යම පළාත් සභාව මන්ත්‍රී ධුර 58 කින් සැදුම් ලබන අතර නිදහස් සන්ධානයට හිමි මන්ත්‍රි ධුර සංඛ්‍යාව 36 ක්. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් 16 ක් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක්, ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් මෙන්ම කඳුරට ජනතා පෙරමුණේ සහ මුස්ලිම් කොංග්‍රසයේ එක් මන්ත්‍රීවරයෙකු බැගින් මෙම පළාත් සභාව සැදුම් ලබනවා.

පළාත් සභා මන්ත්‍රී තිලිණ බණ්ඩාර තෙන්නකෝන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ තමාව මහ ඇමතිවරයා ලෙස පත් කරන්නැයි ඉල්ලා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සහ  ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනා  ආණ්ඩුකාරවරයා වෙත දිවුරුම් ප්‍රකාශ ලබාදී ඇති බවයි.

මධ්‍යම පළාත් සභාවේ මහ ඇමතිවරයා වෙනස් කරන  ලෙසට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙලෙස දිවුරුම් ප්‍රකාශ ලබාදුන්නේ ද යන්න පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය මධ්‍යම පළාත් ආන්ඩුකාර සුරංගනී  එල්ලවල ගෙන් විමසීමක් කළා. ඇය කියා සිටියේ එවැනි දිවුරුම් ප්‍රකාශ ලබාදීමක් සිදුව ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකළ යුතු බවයි. මධ්‍යම පළාත් සභාවේ දැනට මහ ඇමතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ සරත් ඒකනායකයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායකගෙන්ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනතා පරමාධිපත්‍යයට අනුව තමන් එම තනතුරට පත්ව ඇති බවයි. එය දිවුරුම් ප්‍රකාශ මගින් වෙනස් කළ නොහැකි බවද ඔහු සඳහන් කළා.

ජනාධිපතිවරණයෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි ඌව, උතුරුමැද සහ  නැගෙනහිර පළාත් සභාවලද මෙලෙස මහ ඇමති ධුර  මෙලෙස වෙනස් වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories