මැතිවරණ කොමිසම නීතිපතිට ලියයි

Monday, 07 November 2016 - 13:38

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සීමා නිර්ණ ගැටළුව නොපවතින පළාත්පාලන ආයතනවල මැතිවරණය පැවැත්වීමට පවතින නීතිමය තත්ත්වයන් විමසා මැතිවරණ කොමිසම නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ, සීමානිර්ණ ගැටළු නොපවතින පළාත්පාලන ආයතන 61 ක මැතිවරණය පැවැත්විය හැකි බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, මැතිවරණ කොමිසම වෙත කළ දැනුම්දීමකින් අනතුරුවයි.

ඒ අනුව මේ පිළිබඳ අවධානය යොමුකර මෙම පළාත්පාලන ආයතනවල මැතිවරණය පැවැත්වීමේ හැකියාව පිළිබඳ නීතිමය තත්ත්වය විමසා අදාළ ලිපිය නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙකු ප්‍රකාශ කළා.

ඉදිරියේදී නීතිපති දෙපාර්තමේන්තුව අදාළ පළාත්පාලන ආයතනවල මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව ඉදිරි දිනයකදී දැනුම්දෙනු ඇති.

මේ අතර සීමානිර්ණය අවසන් කළ පළාත්පාලන ආයතනවල මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි ඉල්ලා පැෆ්රල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්ද ගොනුකර තිබුණා.

පසුගිය බ්‍රහස්පතින්දා එම පෙත්සම සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ එය විභාගයට ගැනීමටයි.

ඒ අනුව මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ විෂයභාර අමාත්‍යවරයා වගඋත්තරකරුවන් කරමින් පැෆරල් සංවිධානය ගොනුකර තිබූ මෙම පෙත්සම ලබන වසරේ ජනවාරි මස 30 වනදා යළි කැඳවනු ඇති.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories