තවත් සැක කටයුතු මත්ද්‍රව්‍ය බහාලුම් දෙකක් ගැන පොලීසියෙන් ඉන්දියාවට තොරතුරු

Saturday, 10 December 2016 - 12:53

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B7%84%E0%B7%8F%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
කොළඹ වරායට සේන්දුවූ නෞකාවක් තුළ තිබී කොකේන් තොගයක් ඊයේ සොයා ගැනීමත් සමඟ මෙරට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, ඉන්දීය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත සැක සහිත බහලුම් දෙකක් පිළිබඳව තොරතුරු ලබාදී තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ අදාළ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණිමට පෙර ඉන්දියාවේ මුන්රා වරායට අදාළ බහලුම් දෙක ගොඩබා ඇති බවයි.

එම බහලුම් දෙක තුළ ද කොකේන් තිබේද යන්න පිළිබඳව ඇතිවූ සැකය මතයි එම දැනුම්දීම සිදුකර ඇත්තේ.

කොළඹ වරායට සේන්දුවූ නැවේ තිබී කිලෝග්‍රෑම් 800ක බරින් යුත්, රුපියල් කෝටි 1200 කට අධික වටිනාකමකින් යුත් කොකේන් තොගයක් ඊයේ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාරයට ගැනුනා.

මේ වනවිට එහි සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් මස 12 වන දා ඉක්වදෝරයෙන් ගමන් ආරම්භ කර ඇති මෙම නෞකාව බෙල්ජියම, ඉන්දියාව සහ සෞදි අරාබිය හරහා මෙරටට පැමිණ තිබුණා.

එම ගමන්වාරය අතරතුර බහලුම් දෙකක් ඉන්දියාවේ මුන්රා වරාය ගොඩ බා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් යළි මෙම නෞකාව ඉන්දියාවට ගමන් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළා.

මීට අමතරව මෙවැනි ආකාරයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළේද යන්න පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව එලෙස ඉන්දියාවට ගොස් ඇති සැකසහිත තවත් නෞකාවක් පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදුකරන ලෙස ඉන්දීය පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය වෙත මෙරට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දැනුවත් කර ඇති බවයි වාර්තාවන්නේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories