ලෝක ආර්ථික සමුළුවේ විධායක සභාපතිගෙන් අගමැතිට සුබපැතුම්

Thursday, 19 January 2017 - 7:05

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
ලබන වසරේදී යුරෝපීය සහ ආසියානු වෙළඳ අමාත්‍යවරුන්ගේ ඉහළ පෙලේ සමුළුවක් පැවැත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව ඉතා වැදගත් බව ලෝක ආර්ථික සමුළුවේ විධායක සභාපති මහාචාර්ය ක්ලෝස් ස්වැප් අවධාරණය කරනවා.

ඒ සඳහා තම සංවිධානය ඉදිරිපත් වීමට සූදානම් බවයි ඔහු කියා සිටියේ.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු ධූත පිරිස ඊයේ හමුවූ අවස්ථාවේදීයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය වසරේ සිට ලෝක ආර්ථික සමුළුවත්, එහි විධායක සභාපති ක්ලෝස් ස්වැප් ප්‍රමුඛ නිලධාරී මණ්ඩලයත් ශ්‍රී ලංකාව වෙත දක්වන සහය අතිශය අගය කරන බව මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ලෝක ප්‍රකට නොවාර්ටිස් ඖෂධ සමාගමේ මහජන කාර්යාංශ ප්‍රධානී වෛද්‍ය පෙට්‍රා ලොක්ස් හමුවී සාකච්ඡාකර තිබෙනවා.

එහිදී දේශීය වශයෙන් උසස් ඖෂධ නිෂ්පාදනය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු වී ඇති බව අග්‍රමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එවැනි කර්මාන්ත සඳහා වෙනමම නිෂ්පාදන කලාපයක් වෙන් කිරීම පිළිබඳවද අවධානය යොමුවී ඇති බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව වැඩි දියුණු කරලීම සහ ඩිජිටල්කරණය වේගවත් කිරීමට අවශ්‍ය සහය මෙන්ම උපදෙස් ලබාදීමට තමන් සූදානම් බව මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ජේන් පිලිප් කර්ටෝස් අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කර තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories