අදත් බොහෝ ප්‍රදේශවලට වැසි

Monday, 23 January 2017 - 8:33

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9C%E0%B7%84%E0%B7%9D+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයින අවට පවති තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද දිනයේත් බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  

නැගෙනහිර පළාතට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි සහ අනෙකුත් ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවල විටින් විට තාවකාලිකව පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර තද සුළං සමඟ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories