අන්තරේ ලක්ෂ 25 ක ජනතා පෙත්සමක් අත්සන් කරයි

Friday, 24 March 2017 - 12:49

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+25+%E0%B6%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අත්සන් ලක්ෂ 25 ක් ලබාගැනීමේ ජනතා පෙත්සමකට අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා.

කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටින් ආරම්භ වූ මෙම වැඩපිළිවෙල දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන බවයි එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.

මේ අතර, මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දෙමව්පිය සංසදය ඊයේ කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහි සභාපති ටී.එම්.ටී.කේ. තෙන්නකෝන් කියා සිටියේ මෙරටට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මෙන්ම තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍ය බවයි.

නිසි විසඳුමක් ලබා නොදුනහොත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව තම සංගමය දියත් කරන ක්‍රියාමාර්ග ඉදිරියේදී දැඩි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මේ බව කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories