දර්ශක් නෞකාව කොළඹ වරායට

Monday, 27 March 2017 - 14:25

%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%A7
ඉන්දීය නාවික හමුදාවට අයත් “දර්ශක්” නෞකාව අද (27) පුහුණු සංචාරයක් සඳහා ශ්‍රීලංකාවට පැමිණෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ වරායට පැමිණි මෙම නෞකාව  නාවික සම්ප්‍රදායන්ට අනුකූලව එම නෞකාව පිළිගනු ලැබුවා.

නෞකාව කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව එහි අණදෙන නිලධාරී කපිතාන් පියුෂ් පව්සි මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති
රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවී සුහද කතාබහක නිරත වූ බවයි වාර්තා වන්නේ.

මෙම නෞකාවේ නැව් මුළුව නාවික හමුදාව මගින් සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියකට සහභාගී වීමට නියමිත බව සදහන්.

දර්ශක් නෞකාව ලබන 30 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිතයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories