පාසල්වල ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යයි

Saturday, 29 April 2017 - 12:48

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පාසල්වල ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පවසනවා.

ඇය කියා සිටියේ ජනාධිපති කාර්ය සාධන බලකායේ දායකත්වයෙන් පාසල්වල සිදුකෙරෙන ඩෙංගු පරීක්ෂාවන් වලදී මෙම තත්ත්වය අනාවරණය වූ බවයි.

ඒ අනුව පාසල්වලින් සියයට 60ක ඩෙංගු මදුරුවන් බෝවීමේ ඉඩ ප්‍රස්ථාව පවතින බව හෙළි වී ඇතැයි වෛද්‍ය ප්‍රශිලා සමරවීර සදහන් කළා.

මේ අතර, අධ්‍යාපනය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය 26 වන දා සිට ඩෙංගු ව්‍යාප්තිය පිළිබදව පාසල් සිසුන් දැනුවත් කර අවශ්‍ය පියවර ගන්නා ලෙස දිවයින පුරා පාසල්වල සියලූම විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories