පැපුවා නිව්ගිනියා පොලීසිය,මනුස් සරණාගත කඳවුරට කඩාවදී

Thursday, 23 November 2017 - 9:20

%E0%B6%B4%E0%B7%90%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%2C%E0%B6%B8%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%AF%E0%B7%93
පැපුවා නිව්ගිනියා පොලීසිය මනුස් දිවයිනේ පිහිටි සරණාගත කඳවුරට ඇතුලූවී තිබෙනවා.

එම සරණාගතයින්ට ඉවත්වන ලෙසට පැපුවා නිව්ගිනියා රජය මීට පෙර දැනුම්දී තිබුණත් ඔවුන් ඉන් පිට නොවීම හේතුවෙනුයි මෙලෙස බලහත්කාරයෙන් පොලීසිය කඳවුර තුළට ඇතුලූව ඇත්තේ.

සිය ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටළු හේතුවෙන් මනුස් දිවයිනෙන් ඉවත්වීම සරණාගතයින් ප්‍රතික්ෂේප කරනවා.

මෙම සරණාගත ගැටළුව හේතුවෙන් තම ආරක්ෂාවට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි පැපුවා නිව්ගිනියා රජය පෙන්වා දෙන්නේ.

මෙම සරණාගත කඳවුර නීත්‍යානුකූල නොවන බවට පැපුවා නිව්ගිනියා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක් හේතුවෙන් මනුස් දිවයිනේ පිහිටි  ඕස්ට්‍රේලියානු සරණාගත කදවුර පසුගිය මස 31 වන දා වසා දමනු ලැබුවා.

මෙහි ශ්‍රී ලාංකිකයන් ඇතුලූ 600 ක් පමණ සරණාගතයින් වාසය කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories