කැබිනට් සංශෝධනය විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කියයි

Sunday, 25 February 2018 - 14:12

%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අද (25) සිදුකළ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ සංශෝධනය විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා.

මෙම විහිළු නාට්‍යයේ දෙවන කොටස ලබන සතියේදී දකින්නට ලැබෙනු ඇතැයි ඔහු පැවසුවා.
 
රජයෙන් බලාපොරාත්තු වූ වෙනස ඉටු කිරීමට මෙම රජය අසමත් වී ඇති බවයි ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
 
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති අමාත්‍ය මණ්ඩල සංශෝධනයට සහභාගිවී ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියා.

මේ අතර අද සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු ප්‍රධාන පක්ෂ දෙකේ අමාත්‍යවරුන් මාධ්‍ය වෙත විවිධ අදහස් පළ කළා.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories