නව අගවිනිසුරු ලෙස ජයන්ත ජයසූරියට, ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

Friday, 26 April 2019 - 11:26

%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%A2%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%2C+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
නව අගවිනිසුරුවරයා ලෙස වත්මන් නීතිපති ජනාධිපති නිතිඥ ජයන්ත ජයසුරිය පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිිමිව තිබෙනවා.

ඒ, කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී නව විගණකාධිපතිවරයා ලෙස අතිරේක විගණකාධිපති ලෙස කටයුතු කළ චූලන්ත වික්‍රමරත්න පත් කිරීමටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදී ඇති බවයි කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

අගවිනිසුරු ධූරයට සහ විගණකාධිපති ධූරයට සිදුකරන පත්වීම් පිළිබඳව නිර්දේශ ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමුකර තිබූ අතර, එම නිර්දේශ අද එම සභාව විසින් මෙලෙස අනුමත කරනු ලැබුවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories