ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත්. ඉන්දීය මහ කොමසාරිස්.

Friday, 26 April 2013 - 7:35

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A.+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A.

තමිල්නාඩුවේදී පසුගියදා ශ්‍රිී ලාංකික භික්ෂූන් වහන්සේලා ප්‍රහාරවලට ලක්වීම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් සබඳතාවය කිසිසේත් පිළිබිඹු නොකරන බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් අශෝක් කේ කාන්තා පවසනවා. එවැනි සිද්ධීන් හුදකලා සිද්ධීන් ලෙස හැඳින්විය යුතු බවයි මහනුවර දළදා මාළිගාවේදී මහනායක හිමිවරුන් හමුවෙමින් ඉන්දීය මහ කොමසාරිස්වරයා කියා සිටියේ. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර ඓතිහාසිකව සහ සංස්කෘතිකමය වශයෙන් පවතින සමීප සබඳතාව එමගින් පලූදු නොවන බවත් ඔහු අවධාරණය කළා. ඉන්දීය මහ කොමසාරිස්වරයා මහ නායක හිමිවරුන් මුණගැසුනේ ශ්‍රී ලංකාවේ සිය මෙහෙවර නිමවා නැවත ඉන්දියාව බලා යාමට අපේක්ෂාවෙන් සිටින අතරතුරයි. ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඉන්දීය රජය සියලූ පියවර ගන්නා බවත් ඉන්දීය මහ කොමසාරිස් අශෝක් කේ කාන්තා සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories