දකුණුදිග ජර්මනියේ දුම්රියක් තුළ දී ඇෆ්ගන් ජාතික සරණාගත තරුණයෙකු ඊයේ එල්ල කළ පොරෝ සහ පිහි ප්‍රහාරයකින් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලැබුවා.
ඉන් 3 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සදහන්.
මුලින් වාර්තා වූයේ සිද්ධියේදී පුද්ගලයන් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.
එහෙත් 14 දෙනෙකුට ප්‍රතිකාර ලබාදී ඇත්තේ ප්‍රහාරයත් සමඟ ඇති වූ කම්පනයටයි.
17 හැවිරිදි මෙම ඇෆ්ගන් සරණාගත තරුණයා ජර්මනියට පැමිණ ඇත්තේ දෙමව්පියන් නොමැතිව තනිව බව හෙළි වී තිබෙනවා.
ඔහු කිසියම් අන්තවාදී කණ්ඩායමක් නියෝජනය කරන්නේ ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.
ප්‍රහාරයෙන් පසු පළා ගිය තරුණයා ජර්මන් පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුණා.
පසුගිය මැයි මාසයේදී ද මුස්ලිම් තරුණයෙකු ජර්මනියේ මියුනිච් නගරය ආසන්නයේ දුම්රියපොළකදී පිහි ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී එක් අයෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලැබුවා.
ප්‍රහාරයට පෙර ඔහු, දෙවියන් ශ්‍රේෂ්ඨයි යන අරුත් ඇති අල්ලාහු අක්බර් යනුවෙන් හඬ නගා තිබෙනවා.

Follow US
Most Viewed Stories