ගාලු මුහුදෙන් සොයාගත් පිළිමයේ ඇත්ත නැත්ත හෙළිවේ (ඡායාරූප)

Monday, 16 April 2018 - 13:36

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගාල්ල - කොටු පවුර මුහුද ආසන්නයේ තිබී කිලෝග්‍රෑම් 40 ක පමණ බරින් යුත් උඩුකය පිළිමය කූඨ අරමුණකින් මුහුදට දමා ඇති බවට වාර්තා වනවා.

හිරු වාර්තාකරු සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේ පෞරාණික භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරිකයෙකු අදාළ පිළිමය තමා මුහුදට දැමූ බවට ප්‍රකාශ කර ඇති බවයි.

ජාවාරමක් ලෙසට එලෙස මුහුදට දමන ලද පිළිම පෞරාණික පිළිම ලෙසට විදේශිකයන්ට විශාල මුදලකට අලෙවි කරන බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මුහුදේ කිමිදෙමින් සිටි කරාපිටිය - ගොඩකන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් ඊයේ (15) පස්වරුවේ මෙම පිළිමය සොයා ගනු ලැබුවා.

එම ප්‍රතිමාව ගාල්ල කොටුවේ පිහිටි සුදම්මාලය විහාරයට භාර දුන් බවයි පිළිමය සොයා ගත් පී.කමල් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.


(ඡායාරූප - රවින්ද්‍ර චන්ද්‍රලාල් )



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories