Update: කැමරන්, මිලිබෑන්ඞ් ඇතුළු නායකයන් ඡන්දය භාවිත කරයි

Thursday, 07 May 2015 - 13:17

Update%3A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ආසන 650 ක් සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනෙන බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින් සිය ඡන්දය භාවිතා කර තිබෙනවා. ඒ අනුව කන්සර්වේටිව් පක්ෂයේ අගමැති අපේක්ෂක ඬේවිඞ් කැමරන්, කම්කරු පක්ෂයේ නායක එඞ් මිලිබෑන්ඞ් සහ ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් පක්ෂයේ අගමැති අපේක්ෂක නික් ක්ලේග් සිය ඡන්දය භාවිත කළ බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ. ඡන්ද මධ්‍යස්ථාන 50,000 ක මිලියන 50කට ආසන්න ජනතාවක් මෙවර ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. කෙසේ වුවත්, බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ මෙවර මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවනු ඇති බවයි. බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට ශ්‍රී ලාංකිකයින්  තුන්දෙනෙක් ද ඉදිරිපත්ව  තිබෙනවා. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් චමිලා ප්‍රනාන්දු ඉදිරිපත්ව සිටින අතර උමා කුමරන් ඉදිරිපත්ව ඇත්තේ කම්කරු පක්ෂයෙන්. එමෙන්ම කන්සර්වේටිව් පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට තරඟ කරනු ඇති.

Update: Thursday, 07 May 2015 - 13:17
.....................................................................................................................................................

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පක්ෂ දෙකට බහුතරය හිමි නොවන ලකුණු

මෙවර මහ මැතිවරණයෙන් තෝරාගන්නේ බ්‍රිතාන්‍යයේ 56 වෙනි පාර්ලිමේන්තුවයි. එරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන කන්සර්වේටිව් සහ කම්කරු පක්ෂයට මහ මැතිවරණයේදී පැහැදිළි බහුතර බලයක් හිමිකරගැනීමට අවස්ථාවක් හිමි නොවන බවයි ජනමත සමීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ. ඒ අනුව ප්‍රධාන පක්ෂ දෙකටම සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 35% බැගින් හිමිවනු ඇති බව එම සමීක්ෂන වාර්තාවේ දැක්වෙනවා. මෙවර බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී පාලක කන්සර්වේටිව් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස ඬේවිඞ් කැමරන් ඉදිරිපත්ව සිටින අතර එඞ් මිලිබෑන්ඞ් කම්කරු පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්ව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories