කියුබානු නායකයා අද පාප්වහන්සේ බැහැදකී

Sunday, 10 May 2015 - 16:10

%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
කියුබානු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අද වතිකානුවේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ බැහැදකිනවා. එය පෞද්ගලික හමුවක් ලෙසයි පැවැත්වෙනු ඇත්තේ. කියුබාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර මෑතකදී ඇතිවූ නව රාජතාන්ත්‍රික ප්‍රවේශය සඳහා පාප්වහන්සේ බෙහෙවින් දායක වුණා. ජනාධිපති කස්ත්‍රෝ වතිකානුවට පැමිණියේ රුසියාවේ මොස්කව් නුවර පැවති දෙවන ලෝක යුද සමරු උත්සවයට සහභාගි වී නැවත සිය රට බලා යන අතරතුරයි. පාප්වහන්සේ ලබන සැප්තැම්බරයේ ඇමරිකා එක්සත් ජනපදය වෙත යන අතරතුර කියුබාවේද සංචාරය කිරීමට නියමිත බව වතිකානු ආරංචි මාර්ග සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories