ඡන්දයේදී දෙමළ සන්ධානයට උතුරේ මහ ඇමතිගේ සහය නැහැ

Thursday, 30 July 2015 - 15:19

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
මෙවර මහ මැතිවරණයේදී කිසිදු දේශපාලන පක්ෂයකට සහය ලබානොදෙන බව උතුර පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ තමා මෙවර මහ මැතිවරණයේදී මධ්‍යස්ථව කටයුතු කරන බවයි. මහ ඇමති ධුරය එක් පක්ෂයකට අයත් තනතුරක් නොවන බැවින් තමා මෙම තීරණය ගත් බවද ඔහු එහි දක්වා තිබෙනවා. ජනතාව නිවැරදි පුද්ගලයින් පාර්ලිමේන්තුවට තෝරා පත්කරගනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි මහ ඇමතිවරයා සිය නිවේදනය මගින් ප්‍රකාශ කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories