අතුරුදහන්ව සිටි සී.බී. රත්නායකගේ රියදුරා නිළ නිවසට පැමිණ සියදිවි හානිකරගනී

Tuesday, 11 August 2015 - 18:14

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%93.%E0%B6%B6%E0%B7%93.+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%85+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
අතුරුදන්ව සිටි හිටපු අමාත්‍ය සී.බී. රත්නායකගේ රියදුරාගේ මළ සිරුර කොළඹ 7 ප්‍රදේශයේ පිහිටි  හිටපු අමාත්‍යවරයාගේ නිල නිවසේ තිබී පොලීසිය අද සොයාගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ එම රියදුරා වස පානය කර සියදිවි නසාගෙන ඇති බවයි.  

පසුගිය 1 වනදා මාදිවෙල - සුභද්‍ර මාවතේ පිහිටි හිටපු අමාත්‍ය සී.බී. රත්නායකගේ පෞද්ගලික නිවස ගින්නකින් විනාශ වුණා. මෙම සිද්ධියත් සමඟම එම නිවසේ සිටි හිටපු අමාත්‍යවරයාගේ රියදුරා අතුරුදන්වූ අතර ඒ හේතුවෙන් එම සිද්ධියට ඔහුගේ සම්බන්ධයක් ඇති බවට සැක පළ වුණා. ගින්න සම්බන්ධයෙන් තමන්ව සැක කරන බවත් ඒ පිළිබඳව තමන් සිත්තැවුලෙන් එම රියදුරා ලිපියක් මගින් සිය බිරිඳට දැනුම්දී ඇති බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories