ඇමෙරිකානු වෙරළෙන් නිධානයක් මතුවෙයි

Friday, 21 August 2015 - 13:08

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇමෙරිකාවේ - ෆ්ලොරිඩා මුහුදු තීරයේ, මුහුදු පත්ලේ තිබූ ඉපැරණි රන්කාසි තොගයක් කිමිඳුම්කරුවන් විසින් සොයා ගෙන තිබෙනවා. 18 වන සියවසට අයත් මෙම රන් කාසි තොගය කියුබාවේ සිට ස්පාඤ්ඤයට රැගෙන යමින් තිබියදී මුහුදේ ගිලී ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. වසර 300 ක් පැරණි මෙම රන්කාසි තොගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 4 යි දශම 5 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. ඇමෙරිකානු ප්‍රාන්ත නීතියට අනුව ෆ්ලොරිඩා ප්‍රාන්තයට මෙම රන් කාසිවල වටිනාකමින් සියයට 20 ක් හිමිවනු ඇති. මෙම රන්කාසි ස්පාඤ්ඤ රජු විසින් නිකුත් කරන ලද ඒවා වන අතර, දුර්ලභ වීම හේතුවෙන් එහි වටිනාකම තවත් වැඩිවී ඇති බවයි මෙම රන්කාසි තොගයේ හිමිකාරත්වය දරණ බ්‍රෙන්ට් බ්‍රිස්බෙන් ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories