ඇඹිලිපිටිය නගරයේදී පොලීසිය සමඟ ඇති වූ ගැටුමේදී තරුණයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ කර ඇති පරීක්ෂණයට අදාළ වාර්තාව නිකුත් නොකිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව තීරණය කර තිබෙනවා.
කොමිසමේ කොමසාරිස් සාලිය පීරිස් පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් යොමු වී තිබීම ඊට හේතුව බවයි.
කෙසේ වෙතත් කොමිසම ආරම්භ කර ඇති පරීක්ෂණ එලෙසම ක්‍රියාත්මක බවද ඔහු සදහන් කළා.
අදාළ සිද්ධිය වාර්තාවීමෙන් පසු මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කළ අතර, සිද්ධිය වූ ස්ථානයට ගොස් කොමිසමේ නිලධාරින් කණ්ඩායමක් පරීක්ෂණයක් ද සිදුකළා.
එසේම, සාක්ෂිකරුවන්ගෙන් මෙන්ම චෝදනාවට ලක්ව සිටින පොලිස් නිලධාරින්ගෙන් ද මානව හිමිකම් කොමිසම ප්‍රකාශ සටහන් කර ගත්තා.
කෙසේ වෙතත්, මානව හිමිකම් කොමිසම සිදුකෙරෙන පරීක්ෂණයට අදාළ කරුණක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුවහොත් එම පරීක්ෂණය නැවැත්වීමට සම්ප්රදාය බව නීතීඥ සාලිය පීරිස් පවසනවා.
මේ අනුව, විමර්ශනය පිළිබදව අවසන් වාර්තාව නිකුත් කරන්නේ ද නැද්ද යන්න පිලිබඳව ඉදිරි සති දෙක ඇතුළත තීරණය කරන බවයි ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත්, මියගිය සුමිත් ප්‍රසන්න වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ගොනුකළ නීතීඥ උදුල් ප්‍රේමරත්න ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේ පිළිබද නඩුවක් විභාග වන අවස්ථාවේදී මානව හිමිකම් කොමිසමට බාධාවකින් තොරව සිය විමර්ශන සිදුකර ගෙන යාමේ හැකියාව පවතින බවයි.

Follow US
Most Viewed Stories