Update : වැල්ලවත්තේදී අත්අඩංගුවට ගත් 6 වකුගඩු ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරේ

Friday, 04 March 2016 - 10:09

Update+%3A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+6+%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
වැල්ලවත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගැණුනු ඉන්දීය ජාතිකයන් 6 දෙනා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක වූ බව කියන වකුගඩු ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන්නේ යැයි කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළා.

වැල්ලවත්ත ප්‍රදේශයේ නවාතැන්පලක රැදී සිටියදී අත්අඩංගුවට ගත් මොවුන්ගේ වීසා බලපත්‍රවල කල් ඉකුත්වී තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මතයි.

Update : Friday, March 4, 2016 13.51
---------------------------------------

වීසා කල් ඉකුත්වී මෙරට රැදී සිටි ඉන්දියානුවන් 6 දෙනෙකු අත්අඩංගුවට

වැල්ලවත්ත - පෙනික්වික් පාර ප්‍රදේශයේදී නීතිවිරෝධී මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් හයදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ වැල්ලවත්ත ප්‍රදේශයේ නවාතැන්පොලක රැඳී සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම ඉන්දිය ජාතිකයන් 6 දෙනාගේ වීසා කල් ඉකුත්වී තිබියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර කොළඹ අපරාධ කොට්ඨාශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories