තුර්කි ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයේ ජය සමරයි

Sunday, 17 July 2016 - 7:35

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
හමුදා කුමන්ත්‍රණය පරාජය කොට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමට හැකිවීම තුර්කි ජනතාව සමරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඉස්ථාන්බුල් සහ අන්කාරා ඇතුලූ තුර්කියේ ප්‍රධාන නගර වෙත රොක්වූ දහස් ගණන් ජනයා ප්‍රීති ඝෝෂා පවත්වමින් සතුට පළ කළ බවයි වාර්තාවන්නේ.

තුර්කි හමුදා කුමන්ත්‍රණය පරාජය කිරීමට හැකිවූයේද ජනාධිපති අර්ඩවාන්ගේ ඉල්ලීම පරිදි ජනතාව විථිවලට පිවිස ඊට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන්.

කුමන්ත්‍රණයට සම්බන්ධ වූ හමුදා සෙබළුන් තුන්දහසක් පමණ අත්අඩංගුවට ගැනුනු අතර, බලය අත්පත් කර ගැනීමට සූදානම් වූ බවට චෝදනා එල්ලවූ අධිකරණ ක්‍ෂේත්‍රයෙන් 2700 ක්ද තනතුරුවලින් පහකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර හමුදා ජෙනරාල්වරුන් පිරිසක්ද සිටින බව සඳහන්.

තුර්කි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ අසාර්ථක හමුදා කුමන්ත්‍රණය තුර්කි ප්‍රජාතන්ත්‍රවාදයේ කළු පැල්ලමක් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories