ප්‍රහාර වැළැක්වීමට අසමත් වී යැයි හිටපු ජනපතිගෙන් ප්‍රංශ නායකත්වයට චෝදනා

Monday, 18 July 2016 - 14:23

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93+%E0%B6%BA%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ප්‍රංශයට පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීම සදහා රජය ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවට එරට හිටපු ජනාධිපති නිකලස් සාර්කෝසි චෝදනා කළා.

විශේෂයෙන් නීස් නුවර බැස්ටීල දින සැමරුමට එල්ල වූ ප්‍රහාරය පිළිබදවයි ඔහු විශේෂයෙන් සදහන් කර ඇත්තේ.

අන්තවාදී ඉස්ලාම් කණ්ඩායම සමග සබදතා පවතින  ඕනෑම විදේශ සම්භවයක් සහිත පුද්ගලයන් ප්‍රංශයෙන් පිටුවහල් කළ යුතුයැයි ඔහු යෝජනා කළා.

පසුගිය බ්‍රහස්පතින්දා නීස් නුවර ට්‍රක් රථ ප්‍රහාරයෙන් පුද්ගලයන්  84 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 85 දෙනෙකු තුවාල ලැබුවා.

ඉන් 18 දෙනෙකුගේ තත්ත්වය තවදුරටත් බරපතල බවයි විදෙස් ප්‍රවෘත්ති සේවා සදහන් කළේ.

ප්‍රංශ රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කළ හිටපු ජනාධිපති සාර්කෝසි සදහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල නොවිය යුතු අතර, යුද්ධ ජයග්‍රහණ කිරීමට සමත් විය යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories