ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ්ගේ ගෝලයන් තුන්දෙනෙකු කඩුගන්නාවේ හෝටලයක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර පොලිසිය සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
සැකකරුවන් සතුව තිබූ රුපියල් ලක්ෂයක මුදලක්ද එහිදී සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් රණවක ආරච්චිගේ රොහාන් සම්පත් රණවක පෙරේරා නම් 33 හැවිරිදි පුද්ගලයෙක්.
වෙලම්බඩ උඩතෝරදෙණිය ප්‍රදේශයේ පදිංචි එම සැකකරු කොළඹ ප්‍රදේශයේ නිතර ගැවසෙන අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.
35 හැවිරිදි අනෙක් පුද්ගලයා මීගොඩ ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු මුණසිංහ ආරච්චිගේ හර්ෂ අනුර දේශප්‍රිය ලෙසට හඳුනාගෙන තිබෙනවා.
ඔහු මීට දින කිහිපයකට එස් ටී එෆ් වෙඩි තැබීමෙන් මියගිය රුමල්ෂ ඉරේෂ් මදුසංක නවගමුව නොහොත් බයිලා නම් පුද්ගලයාගේ ප්‍රබලතම ගෝලයෙක් බව සඳහන්.
අද අත්අඩංගුවට ගැනුනු අනෙක් සැකකරු වස්කඩුව පනාපිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි මුණසිංහ ආරච්චිගේ හර්ෂ ප්‍රදීප් කුමාර නම් අයෙක්.
පොලිසිය සඳහන් කළේ පොලිස්පතිවරයාගේ නියෝග අනුව මෙම සැකකරුවන් තුන්දෙනා වැඩිදුර විමර්ශණ සඳහා සංවිධානාත්මක අපරාධ විමර්ශණ කොට්ඨාශයට භාරදීමට නියමිත බවයි.

Follow US
Most Viewed Stories