ගාල්ල - උණවටුන - රූමස්සල වෙරළ තීරයේ පර්වතයක් මත සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය තරුණයින් සිව් දෙනෙකු මුහුදට වැටී අද අනතුරට ලක්වුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ එහිදී දෙදෙනෙකු මුදාගෙන ඇති අතර, තවත් දෙදෙනෙකු අතුරුදන්වී ඇති බවයි.
ඔවුන් සොයා නාවික හමුදාව මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
මෙලෙස අතුරුදන්වී ඇත්තේ වයස අවුරුදු 20 ත් 21 ත් අතර වයස්වල පසුවන ගාල්ල - ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙක්.
මේ අතර පසුගිය පොසොන් පොහෝ දිනද ගාල්ල - රූමස්සල කන්දේ සිරි නැරඹීමට ගොස් පස්දෙනෙකු මුහුදට වැටී අනතුරට ලක්වුණේ ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදියි.
එහිදී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

Follow US
Most Viewed Stories