පාකිස්ථාන් තලේබාන්වරුන් සටන් විරාමයෙන් ඉවත් වෙයි

Friday, 10 December 2021 - 13:15

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ටෙහෙරික් ඊ තලෙබාන් හෙවත් පාකිස්ථාන තලේබාන් සංවිධානය අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ රජය සමඟ ඇතිකරගෙන තිබූ සටන් විරාමයෙන් ඉවත්වන බව ප්‍රකාශ කළා.

මාසයක කාලයක් ක්‍රියාත්මක වූ සටන් විරාමය දීර්ඝ කිරීමට තමන් අදහස් නොකරන බවයි එමඟින් ප්‍රකාශ කළේ.

ගිවිසුමට අනුව, අත්අඩංගුවේ පසුවන තලේබාන් සටන්කාමීන් 102 කු නිදහස් කිරීමට අපොහොසත් වීම සටන් විරාමයෙන් ඉවත්වීම සඳහා තලේබාන්වරුන් හේතු ලෙස ඉදිරිපත් කර තිබෙනවා.

පාකිස්ථාන තලේබාන් සංවිධානය වසර ගණනාවක් තිස්සේ එරට රජය පෙරළා දමා ඉස්ලාමීය ෂරියා නීතිය රට තුළ ස්ථාපිත කිරීමේ උත්සාහයක නිරතවනවා.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඔවුන් සමඟ සාකච්ඡාවට එළඹුණේ පසුගිය ඔක්තෝම්බරයේදියි.

දැවැන්ත හමුදා මෙහෙයුමකින් මර්දනය කිරීමට පෙර පාකිස්ථාන තලේබාන්වරුන් රට පුරා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සහ පැහැරගැනීම් රැසක් සිදුකළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories