ආරක්ෂක අමාත්‍යාංශයෙන් පොදු සමා කාලයක්

Thursday, 10 November 2022 - 7:07

%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නිවාඩු නො ලබා සේවයට වාර්තා නො කර විදේශගත ව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නැවත ඒකකය වෙත රපෝර්තු කිරීමකින් තොර ව පොදු සමා කාලය තුළ දී නීත්‍යානුකූල ව සේවයෙන් ඉවත් වීම සඳහා හැකියාව පවතින බව යි ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

ලබන 15 වැනි දින සිට දෙසැම්බර් 31 වැනි දින දක්වා ප්‍රකාශයට පත් කර ඇති එම පොදු සමා කාලය, මේ වසරේ ඔක්තෝබර් 25 වැනි දින හෝ ඊට පෙර නිවාඩු නොමැති ව සේවයට වාර්තා නො කළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා පමණක් වලංගු වන බව සඳහන්.

ඔවුන් වෙතින් අය විය යුතු යම් මුදලක් වේ නම් එය නීත්‍යනුකූල ව ඉවත් වීමට පෙර ගෙවිය යුතු අතර, නිවාඩු නොමැති ව සේවයට වාර්තා නො කිරීම හැර වෙනත් කිසිදු විනය විරෝධී ක්‍රියාවක් සම්බන්ධ නොනිමි විනය කටයුතු නො පැවතිය යුතු බව ද ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

එමෙන්ම නීතිවිරෝධී ක්‍රම මඟින් විදේශගත වු හෝ විදේශගත වීමේ දී වංචනික ලෙස විදේශ ගමන් බලපත්‍ර සහ අනෙකුත් ලේඛන සකස් කර විදේශගත වී නොමැති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර ගැනීම ද අවශ්‍ය වනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories