දෙමළ වතු කම්කරු ජනතාවට ලාංකික පුරවැසිභාවය ඉල්ලයි

Saturday, 12 August 2023 - 19:40

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මෙරට දෙමළ වතු කම්කරු ජනතාවට සම්පූර්ණ ලාංකික පුරවැසිභාවය ලබා දිය යුතු බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසනවා.

දෙමළ වතු කම්කරු ජනතාව මෙරට ජනපද පිහිටුවීම ආරම්භ කර වසර 200ක් සැපිරීම නිමිත්තෙන් හැටන් ප්‍රදේශයේ අද (12) පැවති පා ගමනකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

වතු කම්කරු ජනතාව ඉන්දියාවේ සිට මෙරටට පැමිණ වසර 200 ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් සිවිල් සංවිධාන නියෝජිතයින් දියත් කළ පාද යාත්‍රාව ද අද මාතලේ නගරයට පැමිණීමෙන් අනතුරුව අවසන් කරනු ලැබුවා.

පසුගිය ජුලි මස 28 දා ඔවුන් මෙය ආරම්භ කරනු ලැබුවේ මන්නාරම ප්‍රදේශයෙන්.

1823 වර්ෂයේදී වතු කම්කරු ජනතාව තලෙයිමන්නාරමෙන් මෙරටට ගොඩබැස මාතලේ දක්වා පා ගමනින් පැමිණ තිබුණා.

එය ආවර්ජනය කරමිනුයි සිවිල් සංව්ධාන මෙම පා ගමන සංවිධාන කර තිබුණේ.

පා ගමනට සමගාමීව ඊයේ පැවති වැඩසටහනකට එක්වූ හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙකු වන මහින්ද දේශප්‍රියද එහිදී අදහස් පළ කළා.

මේ අතර දෙමළ ප්‍රගතිශීලි සන්ධානයද අද පා ගමන් දෙකක් සංවිධානය කර තිබුණා.

හැටන් සහ නුවරඑළිය නගර වලින් ආරම්භ කෙරුණු මෙම පා ගමන් තලවකැලේ නගරයට පැමිණීමෙන් අනතුරුව රැලියක් පැවැත්වීමෙන් අනතුරුවයි අවසන් කෙරුණේ.

එම අවස්ථාවට දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිිගම්බරම් ද එක්ව සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories