වායු විමෝචනය මැනීමේ ක්‍රමවේදයක් නුදුරේදීම

Friday, 25 August 2023 - 10:35

%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%9D%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8
කොළඹ දිස්ත්‍රික්කයේ වායු විමෝචනයෙන් 70%ක් පමණ අහිතකර තත්ත්වයකට පත්වීමට හේතුව වාහන දුම බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසනවා.

රථ වාහන පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීමට කොළඹ පැවති උත්සවයකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඉදිරියේදී වාහන ධාවනය කරන අවස්ථාවලදී වායු විමෝචනය මැනීමේ ක්‍රමවේදයක් සකස් කරන බවයි.

කොළඹ දිස්ත්‍රික්කය වායු විමෝචන තත්ත්වයෙන් අහිතකර තත්ත්වයකට පත් වී ඇති බවත් එයට ප්‍රධාන ලෙසින් වාහනවලින් පිටවෙන දුම හේතු වී ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

එවැනි වාහනයක් දුම සමඟින් මාර්ගයේ යනවානම් එහි ඡායාරූපයක් වට්සැප් කරන ලෙසයි එවන ලෙසයි ඔහු සඳහන් කර සිටියේ.

එමෙන් ම ලංකාවේ සියලුම පොලීසි එකතු කරගෙන වට්ස්ඇප් ගෘෘප් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙන අතර ඒ සඳහා ඕනෑම වාහනයක අංකය විතරක් ප්‍රමාණවත් වන බවද එවිට තහනම් නියෝග නිකුත් කිරීමේ හැකියාවක් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories