ගාසාවේ යළි සටන් විරාමයක් ඇති කිරීමේ සාකච්ඡා පැරිසියේදී ඇරඹෙයි

Saturday, 24 February 2024 - 11:23

%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගාසා තීරයේ ගැටුම අවසන් කිරීම සහ ඊශ්‍රායල සහ විදේශීය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා සටන් විරාම සාකච්ඡා පැරිසියේදී ආරම්භ වී තිබෙනවා.

මෙය සති ගණනකින් ආරම්භ වූ විශාලතම උත්සහය වන අතර සාකච්ඡා ආරම්භ වීම ඉතාමත් ශුභාවාදී සලකුණක් බවටයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

ඊජිප්තු බුද්ධි අංශ ප්‍රධානී අබ්බාස් කමෙල් සමග හමාස් නායක ඉස්මයිල් හනියේ කයිරෝහි දී සාකච්ඡාවක් තිබුණා.

කටාර්, ඊජිප්තුව සහ එක්සත් ජනපදය යන මැදිහත්කරුවන් ලෙස ඊශ්‍රායලය සමඟ සති අන්තයේ පවත්වන සාකච්ඡාවල ප්‍රතිඵල දෙස බලා සිටින බවටයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හමාස් නියෝජිතයෙකු ප්‍රකාශ කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories