කරුණු දෙකකට එකඟ නෑ - ණය ප්‍රතිව්‍යුහගතකරණය පසුවට

Tuesday, 16 April 2024 - 9:01

%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B6%B1%E0%B7%91+-+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%94%E0%B7%84%E0%B6%9C%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පසුගිය මාර්තු මාසයේ අවසාන භාගයේ දී ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ලන්ඩන් නුවර දී පැවති සාකච්ඡාවල දී කරුණු දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට හැකි වූ බවත්, ඉතිරි එකගතා සම්බන්ධයෙන් නැවත වරක් සාකච්ඡා වටයක් ඉදිරියේ දී පැවැත්වෙනු ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසනවා.

අදාළ සාකච්ඡාවල දී කරුණු 4න් එකරුණු දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට හැකි වුවද, කරුණු දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ජා පවත්වන බවයි ඔහු පවසා සිටියේ.

තමා මේ සම්බන්ධයෙන් ඉතා සුබවාදීව සිටින බවයි ඔහු පැවසුවේ.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක,

“මාර්තු මාසය අගදී ලන්ඩන්වල දී බැඳුම්කර හිමියන් හමුවුණා. ඒ හමුවීම් බාහිරට අනාවරණය නොවූ ඒවා. අපිට උපදේශකයින් දෙගොල්ලක් ඉන්නවා. ලසාඩ්  - මූල්‍ය උපදේශකයින්, ක්ලිෆර්ඩ් චාන්ස් - නීති උපදේශකයින්. මේ සාකච්ඡා සීමා වූ ඒවා. ඒවායේ රහස්‍යභාවය තබා ගැනීමට සියලු පාර්ශව එකඟ වී සිටියා. ඒ සාකච්ඡාවලට යන විට බැඳුම්කර හිමියන් අපිට යෝජනා කිහිපයක් දීලා තිබ්බා. ඒවාට අපි ප්‍රති-යෝජනා දීලා තිබ්බා. ඒගොල්ලෝ මාර්තුවල නැවත යෝජනා වගයක් දුන්නා. ඒ වෙලාවේ අපි මාර්තු අග සාකච්ඡාවලට යනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට දැනුම් දීලා තිබ්බා අපි දීපු යෝජනා මූල්‍ය අරමුදලට අනුකූලයි. බැඳුම්කර හිමියන්ගේ යෝජනා මූල්‍ය අරමුදලට අනුකූල නැහැ කියලා. අපි ඒ සාකච්ඡාවල දී අපිට ගැටළු සහගත කාරණා 4ක් ඉදිරිපත් කළා. අපි කියන කාරණා සහ ඒගොල්ලෝ කියන කාරණා සම්බන්ධව. එතනදී කාරණ දෙකක් සම්බන්ධයෙන් අපි සහ බැඳුම්කර හිමියන් අතර එකඟතාවයක් ඇති වුණා. නමුත් කාරණා දෙකක දී අපිට එකඟතාවයකට එන්න බැරිවුණා.“


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories