මීතොටමුල්ල කසල කන්දේ ඛේදවාචකයට වසර 7ක් (වීඩියෝ)

Tuesday, 16 April 2024 - 22:27

%E0%B6%B8%E0%B7%93%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%9B%E0%B7%9A%E0%B6%AF%E0%B7%80%E0%B7%8F%E0%B6%A0%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+7%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
බලධාරීන්ගේ නිසි සොයාබැලීමක් නොමැති වීම නිසා ජීවිත රැසක් බිලිගත් මීතොටමුල්ල කසල කන්දේ ඛේදවාචකයට මේ වන විට වසර 7ක් .

එවන් පසුබිමක අපේ රටේ ආර්ථිකයට සම්පතක් වූ කසල ව්‍යාපෘතියක් පිලිබඳ තොරතුරක්ද අපට වාර්තා වුණා.

මීට වසර 7කට පෙර අලුත් අවුරුදු දිනයේදී මීතොටමුල්ල කුණු කන්ද ජීවිත 32ක් බිලිගනිමින් නායයාමකට ලක්වුණා.

එලෙස මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් ඔවුන් සිහිපත්කිරීම වෙනුවෙන් අද මීතොටමුල්ලට පැමිණ සිටියා.

කසල කඳු පිළිබඳ එවන් අමිහිරි මතකයක් හමුවේ වුවද ජනතාවට ආර්ථික වාසි ගෙන දෙන කුනු කන්දක් පිළිබඳවද අපට තොරතුරු දැනගන්නට ලැබුනා

කරදියාන ප්‍රදේශයට කුණු බැහැර කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණේ 1990 වර්ෂයේ සිටයි .

පළාත්පාලන ආයතන 7ක අපද්‍රව්‍ය මෙම ප්‍රදේශයට බැහැර කෙරෙනවා.

එලෙස මෙම කසල අංගනයට දෛනිකව බැහැර කරනු ලබන අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 550 කට අධිකයි.

ඒ හේතුවෙන් මෙම කසල අංගනය කුණු කන්දක් බවට පත්වීමත් සමග ප්‍රෙද්ශවාසීන් ඊට දැඩි විරෝධයක් පළකළේ ජල මූලාශ්‍රවලට සහ පරිසරයට ඇතිවන හානිය හේතුවෙන්.

2010 වසරේදී අපද්‍රව්‍ය කළමණාකරන අදිකාරිය මගින් මෙහි ඝණ අපද්‍රව්‍ය කලමණාකරන මධ්‍යස්ථානයක් ස්ථාපනය කළා .

එහිදී මෙම ස්ථානයට පලාත්පාලන ආයතනවලින් ගෙන එන කසල ප්‍රමාණයද අවම කළ අතර එමගින් මෙම මධ්‍යස්ථානයට ගෙන එන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 350කට අඩු කරගෙන තිබෙනවා.

එම අපද්‍රව්‍ය මෙම මධ්‍යස්ථානයේදී ක්‍රියාවලි කිහිපයකට භාජනය කරනු ලබනවා.

තවදුරටත් ඉවතලන වීදුරු කටු උපයොගීකරමින් බිම් ඇතිරුම් ගල් නිර්මාණය කරන අතර ඉවතලන ප්ලාස්ටික් භාවිතයෙන් විවිධ නූල් වර්ග නිර්මාණය කිරීමද මෙම ව්‍යාපෘතිය මගින් සිදු කෙරෙනවා.

ඒ හරහා මෙම මධ්‍යස්ථානයේ රැකියා අවස්ථා රාශියක් නිර්මාණය වී තිබෙනවා.

වත්මන් තත්ත්වය සමග මෙම කුණු කන්ද උස් වීමද අඩු වී තිබෙන්නේ මෙහි බැහැර කෙරෙන අපද්‍රව්‍යවලින් සියයට 5කටත් අඩු කසල ප්‍රමාණයක් පමණක් දැන් කුණුකන්දට බැහැර කරන බැවිනුයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories