අලුත් අවුරුදු විශේෂ ප්‍රවාහන සේවා අදත් (වීඩියෝ)

Wednesday, 17 April 2024 - 8:22

%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94++%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අලුත් අවුරුද්ද වෙනුවෙන් සැළසුම් කළ විශේෂ ප්‍රවාහන සේවා අදත් ක්‍රියාත්මකයි.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අද දිනයේ නියමිත පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුවන බවයි.

නිවාඩු ලබාගිය සේවකයින් යළි සේවයට වාර්තා නොකිරීම නිසා ඊයේ දුම්රිය ගමන් වාර 12ක් පමණ අවලංගු කිරීමට සිදුවුණා.

කෙසේවෙතත් ගම්බිම් බලා ගිය ජනතාවට බාධාවකින් තොරව යළි කොළඹ පැමිණීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය මගින් යොදවා ඇති විශේෂ බස් රථ සේවා අදත් ක්‍රියාත්මක වනවා.

එමෙන්ම අධිවේගී මාර්ගවල ද අතිරේක බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි එහි සභාපති ලලිත් ද අල්විස් ප්‍රකාශ කළේ.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අද සිට පෞද්ගලික බස් ධාවනය සියයට 75 කින් ඉහළ නංවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories