යළිත් මැලේරියා රෝගය රට තුළ ව්‍යාප්තවීමේ අවධානමක්

Thursday, 25 April 2024 - 19:42

%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පිරිස් සහ රැකියා සඳහා විදෙස්ගතවන පිරිස් නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකිරීමෙන් යළිත් මැලේරියා රෝගය රට තුළ ව්‍යාප්තවීමේ අවධානමක් පවතිනවා.

පරපෝෂිතයින් විසින් ඇති කරන මාරාන්තික බෝවන රෝගයක් වන මැලේරියාව ආසාදිත ගැහැණු ඇනොෆිලස් මදුරුවන් දෂ්ට කිරීමෙන් මිනිසාට සම්ප්‍රේෂණය වනවා.

මදුරුවා දෂ්ට කිරීමෙන් දින 10ත් - 15ත් අතර කාලයකදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර, උණ, හිසරදය සහ සෙම්ප්‍රතිශ්‍යාව එම රෝග ලක්ෂණයි.

ළදරුවන්, වයස අවුරුදු 5ට අඩු දරුවන්, ගර්භනී කාන්තාවන් සහ HIV,ඒඩ්ස් ආසාදිතයින්, ප්‍රතිශක්තිකරණය නොවන සංක්‍රමණිකයන්ට මෙම වෛරසය වැළඳීමේ අවදානම ඉහළ බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

අවසන්වරට මෙරටින් මැලේරියා රෝගියෙකු වාර්තා වී ඇත්තේ 2012 වසරේ දී වන අතර, එම පසුබිම මත 2018 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස ද නම් කරනු ලැබුවා.

කෙසේ වුවත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ, විදෙස්ගතව යළි මෙරටට පැමිණෙන පිරිසගෙන් යළිත් මෙම රෝගය රට තුළ ව්‍යාප්තවීමේ අවධානමක් මතුව ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව පසුගිය වසරේදී මෙරටින් මැලේරියා රෝගීන් 62කු වාර්තා වී ඇති අතර, 2024 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 9ක් බවයි සඳහන් වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories