General27 August 2026

කැබිතිගොල්ලෑවේ බිහිසුණු අනතුරක් - බිළිඳෙක් ඇතුළු තිදෙනෙකුට දිවි අහිමි වෙයි

කැබිතිගොල්ලෑව - මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ ගෝනමරියාව ප්‍රදේශයේදී ජීප් රථයක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් බිළිදෙකු ඇතුළු තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, සිද්ධියෙන් එකම පවුලේ මිත්තණිය, ඇයගේ දියණිය සහ ඇගේ දින දහයක් වයසැති බිළිඳා ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.

බිළිදාට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යමින් සිටියදී අද උදෑසන මෙම අනතුර සිදුව තිබුණා. ඔවුන් පදවිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Related recommendation
Hiru TV News | Programmes