විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම සඳහා වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හදිසියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට දැරූ උත්සාහය තුළින් රට තුළ මහත් අර්බුදකාරී තත්ත්වයක් මතු කර ඇති බව ප්රජාතන්ත්රවාදය සඳහා වූ නීතිඥයෝ සංවිධානයේ කැඳවුම්කරු, ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩල සභික, අධිනීතිඥ ලාල් විජේනායක පවසනවා.
අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ඔහු ඇතුළු පාර්ශ්ව කිහිපයක්ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇති අතර, මෙම සංශෝධනය සම්මත කිරීමට නම් ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අධිනීතිඥ ලාල් විජේනායක පෙන්වා දෙන්නේ, විනිසුරුවරුන්ගේ සේවා කාලය තුළදී ඔවුන්ගේ විශ්‍රාමික වයස ඇතුළු වරප්‍රසාද වෙනස් නොකළ යුතුය යන්න අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කෙරෙන ප්‍රධාන මූලධර්මයක් බවයි.
මෙම මූලධර්මය කඩ කිරීම ප්‍රජාතාන්ත්‍රවාදයට, මූලික අයිතිවාසිකම්වලට මෙන්ම මානව හිමිකම්වලට එල්ල වන දැඩි පහරක් බවද ඔහු අවධාරණය කරනවා.
විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ බලපෑම්වලින් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දිය හැකි එකම ස්වාධීන ආයතනය අධිකරණය බවත්, අධිකරණයේ ස්වාධීනත්වය යනු ජනතාවට දෙන ලද පරිත්‍යාගයක් නොව දීර්ඝ කාලීන සටනකින් දිනාගත් අයිතිවාසිකමක් බවත් අදාළ නිවේදනයේ සඳහන්.
නඩු විමසීම කඩිනම් කිරීමට මෙම පියවර ගත් බව ප්‍රකාශ කිරීම මුසාවක් බව පෙන්වා දෙන ඔහු, එමගින් අධිකරණයේ ස්වාධීන කාර්යභාරය ඇහිරී යන බව ද කියා සිටිනවා.
මෙම 22 වන සංශෝධනයට එරෙහි සටන හුදෙක් ආණ්ඩුව සහ විපක්ෂය අතර පවතින දේශපාලන සටනක් ලෙස හුදකලා කිරීම ජනතාව නොමඟ යැවීමක් බව පෙන්වා දෙන නීතිඥ ලාල් විජේනායක, ජනතාව හමුවේ ඇති සැබෑ විකල්පය වන්නේ දේශපාලන පක්ෂයක් ආරක්ෂා කිරීම නොව, අනාගත පරම්පරාව වෙනුවෙන් ශිෂ්ට සම්පන්න සමාජයක ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කර දීම බව වැඩිදුරටත් අවධාරණය කරනවා.

Latest News
''22 වන සංශෝධනය ඉදිරියට ගෙන යනවා නම් ජනමත විචාරණයකට යන්න'' - නීතිඥ සංගමය ඇතුළු වෘත්තීය සමිති 40ක් එක්වෙයි
Local
31 August 2026
කොළඹ වරායෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 800 පනී
Local
31 August 2026
මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 72කට නව පත්වීම්
Local
31 August 2026
වියළි කාළගුණය හමුවේ මඩකලපු දිස්ත්‍රික්කයට ජල කප්පාදුවක්
Local
31 August 2026
හොරණ භීතියට පත්කළ රන්මාල කොල්ලකරුවන් අත්අඩංගුවට
Local
31 August 2026
22 වැනි සංශෝධනයෙන් ප්රජාතන්ත්රවාදය අමු අමුවේ කෙලෙසෙනවා - විපක්ෂ නායක
Local
31 August 2026
වරායේ බහාලුමෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය කිලෝ 463ක්
Local
31 August 2026
ව්‍යවසායක හසන් අලල්දීන් සර්වජන බලයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි
Local
31 August 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට ඇප - විදෙස් ගමන් තහනම්
Local
31 August 2026
කොළඹ වරායේ බහාලුමෙන් සොයා ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 220 කට අධිකයි
Local
31 August 2026