විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම සඳහා වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හදිසියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට දැරූ උත්සාහය තුළින් රට තුළ මහත් අර්බුදකාරී තත්ත්වයක් මතු කර ඇති බව ප්රජාතන්ත්රවාදය සඳහා වූ නීතිඥයෝ සංවිධානයේ කැඳවුම්කරු, ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩල සභික, අධිනීතිඥ ලාල් විජේනායක පවසනවා.
අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ඔහු ඇතුළු පාර්ශ්ව කිහිපයක්ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇති අතර, මෙම සංශෝධනය සම්මත කිරීමට නම් ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අධිනීතිඥ ලාල් විජේනායක පෙන්වා දෙන්නේ, විනිසුරුවරුන්ගේ සේවා කාලය තුළදී ඔවුන්ගේ විශ්‍රාමික වයස ඇතුළු වරප්‍රසාද වෙනස් නොකළ යුතුය යන්න අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කෙරෙන ප්‍රධාන මූලධර්මයක් බවයි.
මෙම මූලධර්මය කඩ කිරීම ප්‍රජාතාන්ත්‍රවාදයට, මූලික අයිතිවාසිකම්වලට මෙන්ම මානව හිමිකම්වලට එල්ල වන දැඩි පහරක් බවද ඔහු අවධාරණය කරනවා.
විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ බලපෑම්වලින් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දිය හැකි එකම ස්වාධීන ආයතනය අධිකරණය බවත්, අධිකරණයේ ස්වාධීනත්වය යනු ජනතාවට දෙන ලද පරිත්‍යාගයක් නොව දීර්ඝ කාලීන සටනකින් දිනාගත් අයිතිවාසිකමක් බවත් අදාළ නිවේදනයේ සඳහන්.
නඩු විමසීම කඩිනම් කිරීමට මෙම පියවර ගත් බව ප්‍රකාශ කිරීම මුසාවක් බව පෙන්වා දෙන ඔහු, එමගින් අධිකරණයේ ස්වාධීන කාර්යභාරය ඇහිරී යන බව ද කියා සිටිනවා.
මෙම 22 වන සංශෝධනයට එරෙහි සටන හුදෙක් ආණ්ඩුව සහ විපක්ෂය අතර පවතින දේශපාලන සටනක් ලෙස හුදකලා කිරීම ජනතාව නොමඟ යැවීමක් බව පෙන්වා දෙන නීතිඥ ලාල් විජේනායක, ජනතාව හමුවේ ඇති සැබෑ විකල්පය වන්නේ දේශපාලන පක්ෂයක් ආරක්ෂා කිරීම නොව, අනාගත පරම්පරාව වෙනුවෙන් ශිෂ්ට සම්පන්න සමාජයක ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කර දීම බව වැඩිදුරටත් අවධාරණය කරනවා.

Latest News
වෛද්‍ය නොසැලකිල්ලක් නිසා මව්කුස තුළම පුංචි මල් කැකුළක් නිහඬ වූ බවට චෝදනා
Local
01 September 2026
පාකිස්තානයටත් ගංවතුරක්
Local
01 September 2026
දෙකෝටියකට අධික මුදල් වංචාවක් කළැයි කෑගල්ලේ මාලිමා නාගරික මන්ත්‍රීවරයෙක් ලබන 09 වැනිදා තෙක් රිමාන්ඩ්
Local
01 September 2026
ඒබ්‍රහම් ලින්කන් නෞකාව පැමිණීමට පෙර පතායා හි විශේෂ වැටලීමක්: ලිංගික ශ්‍රමිකයින් රැසක් අත්අඩංගුවට
Local
01 September 2026
හීන දිනන්න දියණිය විභාගයට ගිය දා පියාට අත්වූ ඛේදනීය ඉරණම
Local
01 September 2026
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදට වසර 47ක්
Local
01 September 2026
නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනයට සමාලෝචන කමිටුවක්
Local
01 September 2026
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට ප්‍රංශයෙන් ගෞරව සම්මානයක්
Local
01 September 2026
හෙටත් දිස්ත්‍රික්ක 9ක් උණුසුම්
Local
01 September 2026
22ට එරෙහි පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ ඇරඹෙයි:
Local
01 September 2026