තමන්ට අලූත් වාහනයක් ලබාදෙන බව පවසා බලධාරීන් ආදිවාසීන්ව රැවටීමට ලක් කළ බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තන් ප්‍රකාශ කරනවා. වාහනය සම්බන්ධයෙන් සංස්කෘතික අමාත්‍යවරයා සහ අනෙකුත් නිලධාරීන් එකිනෙකට පරස්පර කරුණු කියමින් සිටින බවයි ඔහු කියා සිටින්නේ.
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ගේ ගමන් පහසුව සඳහා වාහනයක් ලබාදෙන බවට සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක පොරොන්දු වී ඇත්තේ 2012 වසරේ මුලදියි. එය ඉකුත් 9 වැනිදාට යෙදුනු ආදිවාසී දිනය වෙනුවෙන් පැවති උත්සවයේදී ලබාදීමට නියමිතව තිබුණත් එය ලබාදුන්නේ නැහැ.
ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිළි කළ ආදිවාසි නායකයා.
[MP3]s65142_1[/MP3]
මේ සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායකගෙන් හිරු ප්රවෘත්ති අංශය විමසීමක් කළා.
[MP3]s65142_2[/MP3]
කෙසේ වෙතත් ආදිවාසී දින සැමරුම් උත්සවයේ බුලත් විට සඳහා රුපියල් ලක්ෂ 4 ක් වියදම් කළ බව සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇතැයි ඌරුවරිගේ වන්නිලැඇත්තන් පවසනවා. මේ සම්බන්ධයෙන් ඇතැම් පුවත්පත්ද කරුණු වාර්තා කර තිබුණා. එහෙත් වන්නිලඇත්තන් පවසන්නේ කෑගල්ලේ සිටින තම හිතවතෙක් නොමිලේ බුලත් පුවක් ලබාදුන් බවයි.
[MP3]s65142_3[/MP3]
මේ සම්බන්ධයෙන්ද අප සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.
[MP3]s65142_4[/MP3]
Follow US
Most Viewed Stories