බහු ජාතික සමාගම් සමඟ හැප්පීමට ඇමති මෛත්‍රීපාල සූදානම්.

Monday, 23 September 2013 - 19:09

%E0%B6%B6%E0%B7%84%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%84%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරන බවට තොරතුරු දැන ගත් ඇතැම් බහුජාතික සමාගම් තමා හමුවීමට ප්‍රබල උත්සාහයක නිරත වූ බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවේදී අද (23) ප්‍රකාශ කළා. අමාත්‍යවරයා කියා සිටියේ බහුජාතික සමාගම්වල අවශ්‍යතාවයන්ට තමා ඉඩ ලබා නොදුන් බවයි. තමන් දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද පිළිබද කෙටුම්පත සකස් කරන අවස්ථාවේ දුම්වැටි සමාගම්වල නියෝජිතයන් රැසක් තමන් මුණ ගැසීමට පැමිණි බවත්, ඔවුන් හමුවීම ප්‍රතික්ෂේප කළ බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කළේ. ඔවුන් හමුවූයේ නම් තමන්ට දරුවන් සමඟ සතුටින් ජීවත් විය හැකි රාජ්‍යයක යහමින් කල් ගත කිරීමට අවස්ථාව තිබූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. නමුත් රටත්, රටේ අනාගත පරපුර වෙනුවෙනුත් එවැනි පාවාදීමක් සිදුනොකළ බවයි අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියේ.                                            

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගියදා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනට සම්මානයක් පිරිනමනු ලැබුවා. මේ නිමිත්තෙන් අද (23) පොළොන්නරුව ප්‍රදේශයේ පාසල් 3 ක් උපහාර උත්සවයක් සංවිධාන කර තිබූ අතර, ඊට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.
 
දුම්වැටි ඇසුරුම්වල සියයට 80ක් ආවරණය වන පරිදි රූපමය අවවාද සටහන් කළ යුතු බවට වූ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් පත්‍රය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 20 වැනිදා වාරණ  නියෝගයක් නිකුත් කළා. ඒ දුම්කොළ සමාගම අදාළ ගැසට් නිවේදනයට එරෙහිව අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම විභාගයට ගැනීමට ද අවසර දෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories