වීඩීයෝ : Update : Channel - 4 උතුරු ගමන අනුරපුරෙන් නවතී.

Wednesday, 13 November 2013 - 11:04

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+Update+%3A+Channel+-+4+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93.
උතුරේ සංචාරයක් සඳහා කොළඹින් පිටත්වූ චැනල් ෆෝ නාලිකාවේ අධ්‍යක්‍ෂ කැලම් මැක්රේ ඇතුළු පිරිසට අද පස්වරුවේ යළි කොළඹ බලා පිටත්ව ඒමට සිදුවුණා. ඒ, ජනතා විරෝධතා හේතුවෙන්. කොළඹ සිට කිලිනොච්චි බලා ධාවනය වන දැයට කිරුළ සීග්‍රගාමී දුම්රියෙන් ගමන් ගත් කැලම් මැක්රේ ඇතුලූ පිරිස පෙරවරු 10.45 ට පමණ අනුරාධපුර දුම්රිය ස්ථානයට ළඟාවීමත් සමග එම ස්ථානයට රැස්ව සිටි පිරිස් උද්ඝෝෂණයේ නිරතවුණා. දුම්රිය මාර්ගයේ හිඳ ගනිමින් විරෝධතාකරුවන් චැනල් ෆෝ මාධ්‍යවේදීන්ට විරෝධය පළ කළ අතර ඇතමුන් ඔවුන් රැඳී සිටි දුම්රිය මැදිරියට ඇතුල්වී විරෝධතාවයේ නිරතවූ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

එහිදී විරෝධතාකරුවන්ට මාධ්‍ය කණ්ඩායමේ සිටි මාධ්‍යවේදී ජොනතන් මිලර් ප්‍රතිචාර දක්වා සිටියේ පුවත්පත් වාර්තාවක් පෙන්වමින්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තමන්ට මෙරටට පැමිණෙන ලෙස ආරාධනාවක් සිදුකර ඇති බව එම වාර්තාව උපුටා දක්වමින් ඔහු කියා සිටියා.                    

පැය දෙකකට අධික කාලයක් විරෝධතාව පැවතීම නිසා පසුව උතුරුමැද ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේවර්ධන මැදිහත්වීමෙන් චැනල් ෆෝ නාලිකාවේ මාධ්‍යවේදීන් පිරිස පෞද්ගලික වෑන් රථයකින් කොළඹට පිටත්කර හරිනු ලැබුවා. 


Update : Wednesday, 13 November 2013 - 7:12 PM
------------------------------------------------------------------------------------------------------
වව්නියාව බලා ගිය මැක්රේ ජනතා විරෝධය හමුවේ යළි කොළඹට.

වව්නියාව බලා දුම්රියෙන් ගමන් කරමින් සිටි චැනල් ෆෝ නාලිකාවේ අධ්‍යක්ෂ කැලම් මැක්රේ ඇතුළු පිරිස යළි කොළඹ බලා පිටත් කර යවා තිබෙනවා. ඒ ඔහු වව්නියාව බලා දුම්රියෙන් ගමන් කරමින් සිටින අතරතුරදී අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේ ඊට බාධා එල්ල වීම හේතුවෙන්. ඔහු ගමන්ගත් දුම්රිය පෙරවරු 10 .45 ට පමණ අනුරාධපුර දුම්රිය ස්ථානයට ලගා වුණා. එහිදී දහසක පමණ පිරිසක් ඔහුට විරෝධය පළ කරමින් දුම්රිය ස්ථානයේ විරෝධතාවයක නිරත වූ අතර පසුව ඔවුන් දුම්රිය මාර්ගය හරස් කරමින් යළි විරෝධතාවයේ නිරත වන්නට වුණා. මෙම විරෝධතා හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වූ අතර පසුව පොලිසියේ මැදිහත්වීමෙන් කැලම් මැක්රේ ඇතුළු පිරිසගේ ආරක්ෂාව සඳහා වෙනත් වාහනයකින් යළි කොළඹ බලා පිටත් කර එවූ බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.



Wednesday, 13 November 2013 - 1:20 PM

-------------------------------------------------------
කැලම් මැක්රේට එරෙහිව අනුරාධපුරයේත් උද්ඝෝෂණ.

චැනල් ෆෝ නාලිකාවේ අධ්‍යක්ෂවරයෙකු වන කැලම් මැක්රේට විරෝධය පළ කරමින් අනුරාධපුර දුම්රිය ස්ථානයේ අද (13) විරෝධතාවයක් පැවැත්වුණා. ඒ ඔහු කිලිනොච්චිය දක්වා ධාවනය වන දුම්රියෙන් වව්නියාව බලා ගමන් කරන අතරතුරයි. එම දුම්රිය පෙරවරු 10 යි 45 ට පමණ අනුරාධපුර දුම්රිය ස්ථානයට ලගා වූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි දහසකට ආසන්න පිරිසක් කැලම් මැක්රේට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයේ නිරත වුණා.

 
ශ්‍රී ලංකාවට එරෙහි වාර්තාමය චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කළ චැනල් ෆෝ නාලිකාවේ අධ්‍යක්ෂවරයෙකු වන කැලම් මැක්රේ ඇතුළු එම නාලිකාවේ තවත් පිරිසක් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ ආවරණය කිරීම සඳහා පසුගියදා දිවයිනට පැමිණීයා. 

Wednesday, 13 November 2013 - 12:49 PM
----------------------------------------------------

මැක්රේට එරෙහිව අනුරාධපුර දුම්රිය ස්ථානයේ විරෝධතාවක්.

චැනල් ෆෝ නාලිකාවේ අධ්‍යක්ෂවරයෙකු වන කැලම් මැක්රේට විරෝධය පළ කරමින් මේ වනවිට අනුරාධපුර දුම්රිය ස්ථානයේ විරෝධතාවයක් පැවැත්වෙනවා. ඔහු කිලිනොච්චි බලා ධාවනය වන දුම්රියෙන් වව්නියාව බලා මේ වනවිට ගමන් කරමින් සිටිනවා. එම දුම්රිය අනුරාධපුර දුම්රිය ස්ථානයේ ද නැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවට එරෙහි වාර්තාමය චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කළ චැනල් ෆෝ නාලිකාවේ අධ්‍යක්ෂවරයෙකු වන කැලම් මැක්රේ ඇතුළු එම නාලිකාවේ තවත් පිරිසක් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ ආවරණය කිරීම සඳහා පසුගියදා දිවයිනට පැමිණීයා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories