Update: පොදු රද මඩුළු මහ ලේකම් දිවයිනට

Saturday, 31 January 2015 - 14:21

Update%3A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මා තුන්දින නිල චාරිකාවක් සඳහා අද (31) දහවල් ශ්‍රී ලංකාවට පැමිණියා. මහලේකම්වරයා ඇතුළු 4 දෙනෙකුගෙන් යුත් පොදුරාජ්‍ය මණ්ඩලීය දූත පිරිස බ්‍රිටිෂ් එයාර් වේස් ගුවන් සේවයට අයත් යානයකින් දහවල් 12.40ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරය දැන් හිමිව ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ මහ ලේකම්වරයා සාකච්ඡා කිරීමට නියමිත බව පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය නිවේදනය කළා. පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර ද හමුවීමට නියමිතයි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රමුඛතා මෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමුඛතා වෙනුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලයට සහය විය හැකි ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා කරනු ඇති බවයි පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ. ලබන නොවැම්බර් මාසයේ මෝල්ටාවේ පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුව වනතෙක් පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බව මහ ලේකම් කමලේෂ් ෂර්මා ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව නූතන පොදු රාජ්‍ය මණ්ඩලයේ පුරෝගාමී සාමාජිකයෙක්. මේ නිසා ශ්‍රී ලංකාව පරිවර්තනයකට මුහුණදෙන යුගයක පොදු රාජ්‍ය මණ්ඩලයට ඒ සඳහා සහය විය හැකි ආකාරය සලකා බලන බව ඔහු සඳහන් කළා. අනාගතය උදෙසා ශ්‍රී ලංකාවේ ජාතික සැලසුම් ඉදිරියට ගෙන යාම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ පූර්ණ සහය හිමිවන බවයි මහ ලේකම් කමලේෂ් ෂර්මා අවධාරණය කළේ.



Update: Saturday, 31 January 2015 - 07:22 PM
..............................................
පොදුරඳ මඩුලූ මහලේකම් දිවයිනට.

පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා තුන්දින නිළ චාරිකාවක් සඳහා අද (31) දහවල් ශ්‍රී ලංකාවට පැමිණියා. මහලේකම්වරයා ඇතුළු 4 දෙනෙකුගෙන් යුත් පොදුරාජ්‍ය මණ්ඩලීය දූත පිරිස බ්‍රිටිෂ් එයාර් වේස් ගුවන් සේවයට අයත් යානයකින් දහවල් 12.40ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරය දැන් හිමිව ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ මහලේකම්වරයා සාකච්ඡා කිරීමට නියමිත බව පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය නිවේදනය කළා. පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර ද හමුවීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories