20 ගැන යෝජනාවලට ප්‍රතිචාරයක් නැහැ - ජවිපෙ

Wednesday, 27 May 2015 - 13:30

20+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99
නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සඳහා තම පක්ෂය ඉදිරිපත් කළ සංශෝධනයන්ට මෙතෙක් එකඟතාවය ලැබී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, 20 වන සංශෝධනය සඳහා සුළු පක්ෂ ඉදිරිපත් කළ යෝජනා සලකා බැලීමට පත් කළ කැබිනට් අනුකාරක සභාවේ සාමාජික අමාත්‍ය එස්.බී දිසානායක ප්‍රකාශ කළේ සුළු පක්ෂ ඉදිරිපත් කළ යෝජනා බොහෝමයකට එකඟතාවයන් ලැබී ඇති බවයි.

මේ අනුව, අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සංශෝධිත නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළා.

මැතිවරණ ක්‍රමයේ සිදුකළ යුතු සංශෝධන සම්බන්ධයෙන් පසුගියදා දේශපාලන පක්ෂ සිය යෝජනා ජනාධිපතිවරයා වෙත භාර දුන්නා. පසුව අමාත්‍ය මණ්ඩලය ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගමගේ සභාපතිත්වයෙන් යුත්, කැබිනට් අනුකාරක සභාවක් පත් කළා. එස්.බී.දිසානායක, පාඨලී චම්පික රණවක, රිෂාද් බදියුදීන්, රවුෆ් හකීම්, කබීර් හෂීම් සහ ලක්ෂ්මන් කිරිඇල්ල සහ පලනි දිගම්බරම් යන අමාත්‍යවරුන් ද ඊට ඇතුළත්.

කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ ඡන්දදායකයින්ට ඡන්ද පත්‍රිකා දෙකක් ලබාදීම ඇතුළු තම පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවන්ට අනුකාරක සභාවේ සභාපතිවරයාගේ එකඟතාවය පළ නොවූ බවයි.

එහෙත්, සුළු පක්ෂ ඉදිරිපත් කළ යෝජනා බොහෝමයකට සාධණීය ප්‍රතිචාරයක් ලැබී ඇති බව එම අනුකමිටුවේ සාමාජික අමාත්‍ය එස්.බී දිසානායක සඳහන් කළා.

සුළු පක්ෂ ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදාළ අනුකමිටුව සුළු පක්ෂ නියෝජිතයින් සමඟ ද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

කෙසේ වෙතත්, අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තම යෝජනාවන්ට අනුමැතිය නොලැබුණහොත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු සංශෝධන එක් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළා.

මේ අතර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය එම දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී නව මැතිවරණ ක්‍රමයට ඉදිරිපත්ව ඇති සංශෝධනයන් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories