Update: රැඳවියන් 27 ක් මියගිය වැලිකඩ ගැටුම ගැන වාර්තාව එළියට අගමැතිට

Tuesday, 09 June 2015 - 16:04

Update%3A+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+27+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7
2012 වසරේ නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම පිළිබඳව සොයාබැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව අද (09) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබෙනවා. විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම්ගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව පත් කළේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින්. මාස 5 කට ආසන්න කාලයක් කමිටුව සිද්ධියට අදාළ සියලූ පාර්ශවයන්ගෙන් සාක්ෂි සටහන් කරගත්තා. අනතුරුවයි අද පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එහි අවසන් වාර්තාව රනිල් වික්‍රමසිංහ වෙත භාරදී ඇත්තේ. එම කමිටු වාර්තාවේ ඇතුළත් නිර්දේශ සහ තීන්දු පිළිබඳව ඉදිරියේදී අගමැතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාකිරීමට කටයුතු කරන බවයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

2012 වසරේ නොවැම්බර් 9 වැනිදා සෝදිසි මෙහෙයුමක් අතරතුර වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මියගිය අතර ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුලූ 40 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. 
Update : Tuesday, 09 June 2015 - 19:08
----------------------------------------------------

වැලිකඩ ගැටුම ගැන සෙවූ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව අගමැතිට

2012 වසරේ නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම පිළිබඳව සොයාබැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව අද (09) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබෙනවා. විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම්ගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව පත් කළේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින්. මාස 5 කට ආසන්න කාලයක් මෙම කමිටුව සිද්ධියට අදාළ සියලූ පාර්ශවයන්ගෙන් සාක්ෂි සටහන් කරගත්තා. අනතුරුවයි අද පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එහි අවසන් වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාරදී ඇත්තේ. 













Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories