සඳ මත මිනිස් ජනාවාස ඇති කිරීමට රුසියාව, යුරෝපය සමඟ එක්වෙයි

Saturday, 17 October 2015 - 15:17

%E0%B7%83%E0%B6%B3+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
චන්ද්‍රයා මත ස්ථීර ජනාවාස ඇති කිරීමේ අරමුණින් එහි දකුණු ධ‍්‍රැවය වෙත ගොඩබැසීමට රුසියාව සහ යුරෝපා අභ්‍යාවකාශ ආයතන එකඟත්වයකට පැමිණ තිබෙනවා. ඒ සඳහා සඳ ගමන් කිහිපයක් සිදුකිරීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ. ඒ සඳහා චන්ද්‍රයා වෙත යවන අභ්‍යාවකාශ යානා මගින් ඉන්ධන සහ ඔක්සිජන් නිපදවීම සඳහා සඳ මත ජලය සහ අනෙකුත් අමුද්‍රව්‍ය පවතින්නේ දැයි සොයා බලනු ඇති. ඉදිරි 5 වසරක කාලය තුළ නව චන්ද්‍ර ගවේෂණ වැඩසටහන ආරම්භ කෙරෙන අතර එය නම් කර ඇත්තේ ලූනා 27 ලෙසයි.

සඳ වෙත නැවතත් මිනිසුන් යැවීමේ වැඩසටහටනේ මූලිකත්වය ගෙන ඇත්තේ රොස්කොස්මොස් හෙවත් රුසියානු අභ්‍යාවකාශ ආයතනයයි. එමගින් 70 දශකයේදී නතර වූ රුසියානු චන්ද්‍ර ගවේෂණ වැඩසටහන යළි ආරම්භ කිරීමට නියමිතයි.

එහෙත් නිරවි යුද සමයේදී මෙන් නොව මෙම වැඩපිළිවෙල සදහා යුරෝපා අභ්‍යාවකාශ ආයතනයේ සහාය ලබා ගැනීමට රුසියාව අපේක්ෂා කරනවා. චන්ද්‍රයාගේ අයිස්වලින් වැසුණු දකුණු ධ‍්‍රැවය මෙතෙක් සිදුකෙරුණු චන්ද්‍ර ගවේෂණවලදී පරීක්ෂාවට ලක් කෙරුණේ අවම වශයෙන්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories