Update : ඉගෙන ගෙන කාපු ගුටි - 6ක් රෝහලේ - 39ක් අත්අඩංගුවේ

Thursday, 29 October 2015 - 14:36

Update+%3A+%E0%B6%89%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B4%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B6%A7%E0%B7%92+-+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+-+39%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් උසස් ජාතික ගණකාධිකාරි ඩිප්ලෝමා පාඨමාලා ශිෂ්‍ය එකමුතුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට අද (29) පැවැත්වූ විරෝධතාවට පොලිසිය කඳුලූ ගෑස්, ජල සහ බැටන් ප්‍රහාරයක් එල්ල කළා. පෙළපාලියකින් පැමිණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටට රොක් වූ ශිෂ්‍යයන් ඒ අසල පිහිටි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළුවීමට උත්සාහ ගත් අතර විරෝධතාව හේතුවෙන් වෝඞ් පෙදෙසේ වාහන ගමනාගමනය ද ඇණ හිටියා. එම අවස්ථාවේ පොලිසිය එල්ල කළ ප්‍රහාරයෙන් ශිෂ්‍යයන් 6 දෙනෙකු තුවාල ලැබූ අතර රෝහල් ගතකළ පිරිස අතරට පොලිස් නිලධාරියෙකු ද ඇතුළත්.

සුළු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් ශිෂ්‍යයන් 39 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ආරම්භ වූ විරෝධතා පාගමනට අන්තර් උසස් ජාතික ගණකාධිකාරි ඩිප්ලෝමා පාඨමාලාවේ ශිෂ්‍ය එකමුතුවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය ද එක්ව සිටියා. විරෝධතාකරුවන් මරදාන හරහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පාගමනින් පැමිණියා. ශිෂ්‍යයන් වැඩි පිරිසක් කළු කමිස ඇඳ කළු පටි හිසේ පැළඳ සිටි බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

විරෝධතාව පැවති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට සිට සෞන්දර්ය විශ්වවිද්‍යාල පරිශ්‍රය දක්වාම තමන්ට පොලිසිය පහරදෙමින් පැමිණි බව ශිෂ්‍යයන් ප්‍රකාශ කළා. විරෝධතාවට සම්බන්ධ වූ උසස් ගණකාධිකාරි ශිෂ්‍ය එකමුතුවේ සිසුන් ඇතුළු ශිෂ්‍යයන් පිරිසක් මේ වනවිට කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල පරිශ්‍රයේ රැදී සිටින අතර ඔවුන් එහි විශේෂ මාධ්‍ය හමුවක් ද කැඳවා තිබෙනවා.



Update :  Thursday, 29 October 2015 - 19:30
--------------------------------------------------------

නොමිලේ ඉගෙනගත් සිසුන්ට නොමිලේ ගුටි

අන්තර් උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලා ශිෂ්‍ය එකමුතුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පවත්වන විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස්, ජල සහ බැටන් පොලූ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. සිද්ධියෙන් සුළු තුවාල ලැබූ ශිෂ්‍යයන් සිව් දෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. තුවාල ලැබූ ශිෂ්‍යයින් අතර සිසුවියන් දෙදෙනෙකුද වන බව රෝහල් ප්‍රකාශිකාවක් සඳහන් කළා. තුවාල ලැබූවන් මේ වනවිට බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ලබන බවයි එම ප්‍රකාශිකාව වැඩිදුරටත් කියා සිටියේ. පාගමනින් පැමිණි විරෝධතාකරුවන් හේතුවෙන් ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට වෝඞ් පෙදෙසේ වාහන ගමනාගමනයද අඩාල වුණා. විරෝධතාවයේ නිරත වූ සිසුන් ඉල්ලා සිටින්නේ තම පාඨමාලාවට වාණිජවේදී උපාධි පාඨමාලාවට සමාන පිළිගැනීමක් ලබාදෙන ලෙසයි. පාගමනට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයින්ද එක්ව සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories